රියදුරන්ට පොලීසියෙන් සහන කාලයක්

Report

මෙරට වර්තමානයේ  පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය   ධාවනය කිරීම සදහා   සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

ඒ අනුව දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ 2025.11.25 වන දින සිට 2025.12.25 වන දින දක්වා කාලය තුල කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා විශේෂ සහන කාලයක් ලබා දීමටයි.

ඒ අනුව එම කාල වකවානුව තුළ කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ළඟ තබා ගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් පොලීිසියට දැනුම් දී ඇත.

තවද පොලීසිය සඳහන් කරන්නේ ඉහත සඳහන් සහන කාලය තුළදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක් ළඟ තබා ගනිමින් රිය පැදවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි .

අනවශ්‍ය ලෙස බිය ඇතිකරන හෝ කලබල ඇතිකරන තොරතුරු පළකරොත් වැඩ වරදී

අනවශ්‍ය ලෙස බිය ඇතිකරන හෝ කලබල ඇතිකරන තොරතුරු පළකරොත් වැඩ වරදී

ගුවන් හමුදාවෙන් විශේෂ පණිවිඩයක්

ගුවන් හමුදාවෙන් විශේෂ පණිවිඩයක්