ආපදා තත්ත්වයන් සඳහා හදිසි ප්‍රතිචාර අංකයක්
සාමාන්‍යපෙළ සිසුන්ට ස්වභාවික ආපදා තත්ත්වයන් සඳහා හදිසි ප්‍රතිචාර අංකයක් අදින් (17) ඇරඹෙන මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී අයහපත් කාලගුණ තත්ව නිසා ඇතිවිය හැකි අනපේක්ෂිත බාධාවන් මඟහරවා ගනිමින් විභාගය සාර්ථකත්ව පවත්වාගෙනයාම සඳහා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව හදිසි ආපදා ප්‍රතිචාර සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට මෙන්ම විභාග රාජකාරිවලට සම්බන්ධ නිලධාරීන්ට විභාග කාලසීමාව තුළදී විභාග කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ස්වභාවික ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වැළැක්වීම සඳහා අදාළ සියලු අංශ විසින් ඉටුකල යුතු වගකීම් මෙම හදිසි ආපදා ප්‍රතිචාර පෙරසූදානම් ඒකාබද්ධ සැලැස්ම මඟින් පෙන්වා දී ඇත.
විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලියට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් සමඟ සම්බන්ධීකරණයෙන්, විභාග කාලය තුළ ඇතිවිය හැකි ඕනෑම බාධාවක් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනටමත් අදාළ දෙපාර්තමේන්තු වෙත නිකුත් කර ඇත.
හදිසි අවස්ථාවකදී, සිසුන්ට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට පහත සඳහන් අංක හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැක.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ද මේ සම්බන්ධයෙන් අවදානය යොමුකළ හැකි බව සඳහන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක :117 කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක: 0113 668020 0113 668100 0113668013 0113668010 076 3 117 117 විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක : 1911
