ජනතාවට අවවාදාත්මක හදිසි නිවේදනයක්...

By Wasantha Jun 23, 2021 11:34 AM GMT
Wasantha

Wasantha

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23)සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි. හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now


ReeCha