ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මන්ත්‍රීවරු 28 දෙනා 30ක් වූ හැටි මෙන්න..

Election Commission of Sri Lanka Galle Election
By Aruna Oct 27, 2024 03:15 AM GMT
Aruna

Aruna

Report

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ (26) පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාශ 15 ක බලය හිමිකරගෙන ඇති අතර කොට්ඨාශ 2 ක බලය සමගි ජනබලවේගය විසින් හිමිකරගෙන ඇතැයි ගාල්ල තේරිභාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පවසනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 28ක් වුවත් මෙවර ප්‍රතිඵල අනුව සභිකයන් 30 ක් තේරීපත්ව ඇති බවද සහකාර මැතිවරණ කොමසාරීස්වරයා පැවසීය.

රට පුරා පාසල් ගුරුවරුන් 9000ක් සම්බන්ධයෙන් නව රජය ගන්න යන විශේෂ තීරණය මෙන්න.

රට පුරා පාසල් ගුරුවරුන් 9000ක් සම්බන්ධයෙන් නව රජය ගන්න යන විශේෂ තීරණය මෙන්න.


ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු සභා මන්ත්‍රිවරයෙකු මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකි.

එම පක්ෂයෙන් තේරී පත්ව ඇති අනෙක් සභිකයන් 14 දෙනාම නවකයෝ වෙති.

සමගි ජනබලවේගය දිනාගෙන ඇත්තේ පිටුවල හා අවිත්තාව යන කොට්ඨාශ දෙකය.

එම සභිකයන් දෙදෙනාද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයන් දෙදෙනෙකි.

සමස්ත ජන්ද ප්‍රතිඵලය මෙසේය.

ජාතික ජනබලවේගය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව 17295යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව 15යි.

සමගිජනබලවේගය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව7924යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව06 යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව3597යි.

මන්ත්‍රි ධූර සංඛ්‍යාව03 යි.

පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව2612යි.

මන්ත්‍රි ධූර සංඛ්‍යාව02යි.

ස්වාධීන කණ්ඩායම ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව2568යි.මන්ත්‍රි ධූර සංඛ්‍යාව02යි.

පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව1350යි.

මන්ත්‍රි ධූර සංඛ්‍යාව01යි.

ජාතික ජනතා පක්ෂය ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව521යි.

මන්ත්‍රි ධූර සංඛ්‍යාව01යි.

දෙවන පරපුර ලබාගත් ජන්ද සංඛ්‍යාව 388යි.

ජනසෙත පෙරමුණ ලබාගත් ජන්ද සංඛ්‍යාව 50යි එම පක්ෂ දෙක සඳහා මන්ත්‍රීධූර කිසිවක් හිමිවී නැත.

මේ ලග්න වලට අද වැල්ලෙත් බඹරෙ කැරකෙන සුපිරි ග්‍රහ පිහිටීමක්..ආදරය වැඩිවන දවසක්.

මේ ලග්න වලට අද වැල්ලෙත් බඹරෙ කැරකෙන සුපිරි ග්‍රහ පිහිටීමක්..ආදරය වැඩිවන දවසක්.


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු කොට්ඨාශ ගණන 17 කි.

සභාවේ මුළු සභිකයන් ගණන 28 ක් වන අතර සමානුපාතික ක්‍රමය යටතේ සභිකයන් 13දෙනෙකු තෝරාගෙන ඇති අතර ඒ අනුව මෙවර සභිකයන් 30 දෙනෙකු තේරීපත්වූ බව ගාල්ල මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.