ළිඳකින් ගොඩට ගත් අලි පැටියා කාන්තාවක් පිටුපසින් එළවීම නිසා අවසන් ගමන් යයි.(PHOTOS)
වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැණීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාවක පසු පස පන්නා යද්දී මෙල්ල කිරීමට තැබූ වෙඩි පහරකින් ඇත් පැටවා මියගිය බව වනජීවි කාර්යාලය පවසනවා.
මහව වනජීවි කාර්යාල බළප්‍රදේශයේ කොහොඹකඩවල තමිමැන්නෑව ග්‍රාමයේ අඩි 20 පමණ ගැඹුරු වගා ළිඳක ඉකුත් 4 වන දින රාත්‍රි කාලයේ වැටී සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැණුමිදීම මත වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදෙශවාසීන් සමග සහයෝගයෙන් දැඩි පරිශ්‍රමයක් දරා අලිපැටවා ඉකුත් 5 වන දින පෙරවරුවෙි ගොඩගෙන ජීවිත දානය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.
වගාලිඳෙන් ගොඩගත් වන අලි පැටවා කළහකාරී ලෙස හැසිරුණු මොහොතේ ඔහු අසලට ගිය කාන්තාවක පසු පස පැන්නීම නිසා වන ජීවීනිලධාරියකු ඔහු සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් වන අලි පැටවා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.
මීට අදාල ඡායාරූපයන් පහතින්?