විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි, අද දහවල තීරණාත්මකයි
ආරම්භ කර තිබෙන අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) දින මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඒ අනුව එහි සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අද දහවල් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සියලු වෘත්ති සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවයි.
මේ වන විට දින ගණනාවක සිට විදුලි සේවකයන්ගේ මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ. ඒ සඳහා මෙතෙක් රජයෙන් සාධනීය පිළිතුරක් නැති බවට ඔවුන් චෝදනා කරයි.
කෙසේ වෙතත් මෙවන් පසුබිමක ඊයේ දින වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවට එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබුණා.