වැඩි කළ විදුලි බිලට ආයමත් කුමක් කරයි ද?.

Report

මේ වන විට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මැඩ පවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ය.

මේ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ය.

විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස්කර ගැනීම සඳහා එහි සැපයුම්කරුවන් සමග යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේ දී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.