ලංකා විදුලි බල මණ්ඩලයෙන් සිය පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ කරන්න.

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani Nov 15, 2023 01:49 AM GMT
krishani

krishani

Report

පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත් ලබා දීමේ E බිල්පත් සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

ඒ මුද්‍රිත විදුලි බිල්පත් ක්‍රමය නතර කිරීම සඳහා ය.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටින්නේ E බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසයි.

ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.

අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කෙටි පණිවුඩයක් (SMS) 1987 යන අංකයට යොමු කිරීමෙන් ද E බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය.

එමෙන්ම මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයන් වෙත සැපයීම අරමුණ වේ.

ReeCha