විදුලි බිල නොගෙ වූ රජයේ රෝහලක විදුලිය එකවර විසන්ධි කරලා..
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Hospitals in Sri Lanka
By krishani
විදුලි බිල නොගෙවිම හේතුවෙන් පදවිය රෝහලේ විදුලිය විසන්ධි කර ඇත.
ඒ රු.74,000ක පමණ විදුලි බිල නොගෙවිම නිසා බව වාර්තා වන්නේ.
මෙම රෝහලේ විදුලි බිල රජය මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මුදල් ලැබිමෙන් පසු විදුලිබල මණ්ඩලයට ගෙවීම සිදු කරයි.
පදවිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා සඳහන් කළේ, විදුලිබිල ගෙවිමට තම කාර්යාලයට මුදල් ලැබි නොමැති බවයි.
ඒ හේතුවෙන් පානිය ජලය පෙරණයෙන් ජලය මුදා හැරිමට නොහැකි වී ඇත.එමගින් නේවාසික රෝගීන්, බාහිර රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය නිලධාරින් ද අපහසුතාවයට පත් වී ඇත.
එම රෝහලේ දිනකට පානිය ජලය ලීටර 800ක් -1000ක් අතර ප්‍රමාණයක් ජලය බෙදා හරියි.
ඒ සඳහා වෙනම මීටරක් හරහා විදුලි සම්බන්ධතාවය ලබා ගෙන ඇති බව වාර්තා වෙන්නේ.
