මෙම මස අවසන්වීමටත් පෙර පුංචි ඡන්දයට සූදානම් වෙයි..මැතිවරණ කොමිසම කරන්න යන දේ මෙන්න.

Report

මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.

නව අමාත්‍ය මණ්ඩලය 23යි..ප්‍රබල අමාත්‍යංශ බෙදී යන විදිය මෙන්න.

නව අමාත්‍ය මණ්ඩලය 23යි..ප්‍රබල අමාත්‍යංශ බෙදී යන විදිය මෙන්න.


මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවට පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.

දෙසැම්බර් මාසයේ දී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි පැවසෙන්නේ.

ඒ අනුව මෙම කොමිෂන් සභා රැස්වීමේ දී මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


මේ අතර මෙවර මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මේ දක්වාත් ලබා නොදුන් දේශපාලන පක්ෂ හැකි ඉක්මනින් එම ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද ඔවුන් දැනුම්දෙනු ලබයි.

මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබුණේ, ඊයේ (17) දිනය වන විට දේශපාලන පක්ෂවලින් ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැසට් කිරීමටයි.