මහලු පියා කපා කොටා ඝාතනය කරලා
බත්තරමුල්ල ]අකුරේගොඩ ඹටපොත ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72ක් වූ තිදරු පියෙකි. මියගිය පුද්ගලයා කුලී නිවසක් පවත්වාගෙන යන අතර මුදල් පොළියට දෙන අයකු බවද අනාවරණය වී තිබේ.
ඔහුගේ නිවස කුලියට දී තිබූ අතර, මීට පෙර එම කුලී නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට ඥාතීන් සඳහන් කරයි.
ඝාතනය සිදු කළ පුද්ගලයා අද (12) උදෑසන 7ට පමණ එම ස්ථානයට පැමිණ ඇති අතර, අසල කුලී නිවසක සිටි පුද්ගලයෙකු ඔහුව දැක ඇති බවද වාර්තා වේ.
එම අවස්ථාවේ මියගිය පුද්ගලයා සමඟ බහින්බස්වීමක් සිදුව ඇති අතර, පසුව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර, භාවිත කළ ආයුධය එම ස්ථානයේ දමා සැකකරු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබිය හැකි බවට පොලිසිය සැකපළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.