නිධන් හෑරීමට ගිය සේවය හැර ගිය ආරක්ෂක නිලධාරීන් ඇතුළු අටක් මාට්ටු

Report

සේවය හැර ගිය ආරක්ෂක අංශන් සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අද (05) අලුයම නිදන් හැරීමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රිදීමාලියද්ද ඌරාකොටේ කන්ද ප්‍රදේශයේදීය.

ඔවුන් අට දෙනා රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්  රිටිගහරාව ග්‍රාම නිලධාරි වසමේ මෙම පිරිස නිදන් හෑරීමේ නිරතව සිටි බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.

සිය බිරිඳ සමග නිවසේ කාමරයක් තුළ සිටි මිතුරු සෙබලා තවත් සෙබෙලෙකු විසින් ඝාතනය කරයි

සිය බිරිඳ සමග නිවසේ කාමරයක් තුළ සිටි මිතුරු සෙබලා තවත් සෙබෙලෙකු විසින් ඝාතනය කරයි

වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම පිරිස අඩි 5ක් පමණ ගැඹුරට වලක් කපා එහි ඇති ජලය මෝටරයක් ආධාරයෙන් ඉවත්කරමින් සිට තිබේ.

ඒ අනුව එම ස්ථානයේ තිබී වතුර මෝටරයක් ඇතුළු කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සොයාගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, රිදීමාලියද්ද හා අරාව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40, 43, 35 හා 27 යන වයස්වල පසුවන්නන්ය.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ