ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා ඇත. මෙහිදී එහි හිමිකරු සහ ඔහුගේ බිරිඳ ඇතුළු දහ දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අත්අඩංගුවට පත්වූවන් පානදුර, බොරලැස්ගමුව, ගාල්ල පස්සර සහ බදුල්ල අදී ප්‍රදේශවල පදිංචි අවුරුදු 18-40 වයස් කාණ්ඩවල පුද්ගලයන් බව අනාවරණය වේ.
අත්අඩංගුවට පත්වූවන් අතර සැකකරුවන්ට මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා ද වන බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ දී මත්ද්‍රව්‍ය භාවිතාකර සිට ඇති අතර, ඔවුන් සන්තකයේ කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු වශයෙන් තිබී ඇත.
පානදුර උතුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.