මාලිමා රජයට එරෙහිව හරින් පෙරමුණේ
රජයට එරෙහිව පොදු විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන "මහා ජනතා හඬ" රැලියට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගී වීමට තීරණය කර ඇත.
මෙම රැලිය 21 වන දින නුගේගොඩ දී පැවැත්වේ. රජයට එරෙහිව විපක්ෂයේ පක්ෂවල හඬ එක්රැස් කිරීමේ පළමු පියවර ලෙස මෙම රැලිය සංවිධානය කර ඇත. මෙම රැලිය දිගටම කරගෙන යාමට සහ විපක්ෂ පක්ෂ එක්සත් කරමින් ශක්තිමත් ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට යාමට තීරණය කර ඇති බව පොදු විපක්ෂයේ පක්ෂ නායකයින් ප්‍රකාශ කර ඇත.