වැඩි මිලට බිත්තර වික්කොත් දඩ නියම වෙයි.. ක්‍රමවේදය
පැනවූ පාලන මිලද නොතකා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැල් රැසක් වටලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අද (22) සිදුකෙරුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අවධාරණය කරන්නේ, වැඩි මිලට බිත්තර අලෙවි කරන්න සාමාන්‍ය වෙළෙඳසැල් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා වන දඩ මුදල් පැනවෙන අතර සමාගම් ලෙස ලියාපදිංචි අලෙවිසැල් සඳහා රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇති බවයි.
බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගිය 20 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එම ගැසට් නිවේදනය මගින් සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණා නව ගැසට් නිවේදනයට අනුව බිත්තර අලෙවිය බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව පාලන මිල අබිබවා රුපියල් 55 සීමාව ද ඉක්මවා විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන ආකාරය අද දිනයේ දක්නට ලැබුණා.
කොළඹ නගරය අවට කොට්ටාව පින්හේන ඇතුළු ප්‍රදේශ කිහිපයක පමණක් වෙළෙඳසැල් තුනක නව ගැසට් නිවේදනයට අනුව බිත්තර අලෙවි කෙරෙන අයුරු දක්නට ලැබුණා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි වෙළෙඳසැල්වලට තොග වෙළෙඳුන් බිත්තර ලබානොදීමෙන් එම වෙළෙඳසැල්හි අද බිත්තර අලෙවි නොකරන බව වාර්තා වුණා.
මෙලෙස බිත්තර මිල අර්බුදයක් යළි මතුව ඇත්තේ බිත්තර ආනයනය සඳහා අදාළ නිර්දේශ ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් තවමත් ලබා දී නොමැති පසුබිමකයි.
ඒ හේතුවෙන් බිත්තර ආනයනයද දිගින් දිගටම පමා වෙමින් තිබෙනවා.