පාස්කු ප්‍රහාරය ගැන යළිත් එළියට ආ භයානක කතාව.. රජයෙනුත් පිළිතුරු..
මෙරටදී සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව ඊයේ (04) රැස්වු කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසූ අතර අද (05) පාර්ලිමේන්තුවේදී ඒ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට ද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බවයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පළ කළේ මෙවන් අදහසක්,
"ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තා. විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම පිළිබඳ. ඒ ගැන ඉදිරියේදී දැනුවත් කිරීම් කරයි. ඊට අමතරව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා නම් ඒ ගැනත් අපි සාකච්ඡා කළා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වෙන කාලයට මේ වගේ වීඩියෝ චැනල් 4 නාළිකාවෙන් නිරන්තරයෙන්ම එනවා. මේ වීඩියෝවේ තිබෙන කරුණු පිළිබඳව අපි අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ."
"මේ කියන සැලසුම විදියටම නම් ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කරන්න කටයුතු කරලා තිබුණේ.. එහෙනම් කනගාටුයි කියන්න.. ඒ සිද්ධියෙන් පස්සේ කාදිනල් හිමියන් උදේ පාන්දරම ගිහින් ඡන්දෙ දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට කියලා කිව්වේ.. මේ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනැගුවේ.. ඔය අඬපු අය, මේ විදියට වැඩකරන්න කියපු අය මේ ඡන්ද ව්‍යාපාරයේ කොටස්කාරයෝ වෙන්න ඕනේ එහෙමනම්."
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව අද විකාශය කිරීමට නියමිත මෙරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් ද මේ වනවිට නිකුත් කර තිබෙනවා එහි සම්පූර්ණ වීඩියෝව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද රාත්‍රී 11 ට විකාශය කිරීමට නියමිත වන අතර බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සුරේෂ් සලේ මහතා සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ හමුවක් පැවති බව කියන ප්‍රවෘත්තියක් ඇසුරින් මෙම වීඩියෝව සකසා ඇති බවයි.
ඊට අනුව මූලාශ්‍රය ලෙස පදනම් කරගෙන ඇත්තේ පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා නමැත්තා විසින් කරන ලද ප්‍රකාශක් වන අතර අද නිකුත් කළ පූර්ව ප්‍රචාරක පටයට අනුව එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී අසාද් මවුලාන ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අදාළ හමුව සංවිධානය කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි. ඊට පෙර සයිනී මවුලවි නැමැත්තා හමුවන ලෙස උපදෙස් දුන් බවත් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබෙන අතර පසුව ඔහු පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව දැනගත් බවද අසාද් මවුලානා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
චැනල් 4 වීඩියෝව පවසන්නේ බලහුවමාරුවකට පහසු වන පරිදි අනාරක්ෂිත තත්ත්වයක් රට තුළ ඇති කළ යුතු බවට එහිදී අදහස් පළවූ බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන චෝදනා සුරේෂ් සලේ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවද චැනල් 4 නාළිකාව සඳහන් කළා. තමා සහරාන් ඇතුළු පිරිස හමුවී යැයි කියන කාලවකවානුවේ මැලේසියාවේ සිටි අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට ඉන්දියාවේ රැඳී සිටි බවයි එහිදී ඒ මහතා පවසා ඇත්තේ.
- සිතුමි -
