තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්..
By krishani
ඉන්දුනීසියාවේ හල්මහෙරා ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
ඒ බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ය.
මේ අතර එම භූමිකම්පාව සම්බන්ධයෙන් ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ එය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 අගයක් සටහන්ව ඇති බවයි.
මෙම භූමිකම්පාව කිලෝමීටර් 160 ක් ගැඹුරින් සිදුව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය කියා සිටියේ ය.
කෙසේ වෙතත්, මෙම භූමිකම්පාවෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබී නොමැත.