ජනපති සටනට එක් වූ අයෙක් හේතුව පැහැදිලි කරයි..
Dullas Alahapperuma
Sri Lanka
President of Sri lanka
By Sithumi
ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක් කර ඉතිහාසයේ පළමු සම්මුතිවාදී රජය ගොඩනංවා ඉතිහාසය වෙළාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ ප්‍රමුඛ අරමුණ පෙරදැරිව ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මේබව ප්‍රකාශ කර ඇත්තේ. ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම ඊයේ අනාවරණ කළා. අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ තම පක්ෂය වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර ඇති අතර පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවයි.
කෙසේවෙතත් අනතුරුව ඒ සම්බන්ධයෙන් මහලේකම්වරයාගෙන් කරුණු විමසා එම පක්ෂයේ සභාපති ජී එල් පීරිස් විසින් අද දිනයේ ලිපියක් ද යොමුකර තිබෙනවා