පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්
ලෝකයේ කාර්යබහුලම ගුවන්තොටුපළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් සම්බන්ධයෙන් ඉකුත් පැය කිහිපයේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් සමනය වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව ආරක්ෂක හේතූන් මත තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් කිහිපයක් යළි ආරම්භ කිරීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.
මෙම ගුවන් ගමන් හදිසියේම අත්හිටුවීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන තිබුණේ මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන සියයට සීයක්ම සහතික වීම වෙනුවෙන්.
ඔවුන් මෙය එක්තරා ආකාරයක "පූර්ව ආරක්ෂිත පියවරක්" (Precautionary measure) වශයෙන් හඳුන්වයි.
එනිසා ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් මැද පීඩාවට පත්වුණු මගීන්ට මේ වන විට යම් සහනයක් ලැබී ඇති බව වාර්තා වේ.
කෙසේ වුවත් සියලුම ගුවන් ගමන් එකවර ආරම්භ නොකරන අතර, තෝරාගත් ගුවන් ගමන් කිහිපයක් ක්‍රමයෙන් (Gradually) යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව ගුවන්තොටුපළ වෙත පැමිණෙන සහ ඉන් පිටත්ව යන යානා සම්බන්ධයෙන් විශේෂ කාලසටහනක් යටතේ මෙහෙයුම් කටයුතු මේ වන විට සිදුවෙන බව සඳහන්.
එමෙන්ම මේ දිනවල ඩුබායි හරහා සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටී නම්, ගුවන් සමාගම හරහා නවතම තොරතුරු පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසු බව වාර්තා වේ.