රේගුව සිදුකළ සුවිශේෂී වැටලීම..
Police spokesman
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lanka Customs
By Gagana
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් කොළඹ භණ්ඩ නිෂ්කාසන ආයතනයක් හරහා අමෙරිකාවේ සිට ගුවන් මගින් ලද පාර්සලයක තිබී රුපියල් 66,940,000ක් වටිනා කොකේන් ග්‍රෑම් 511ක් හා මරිජුවානා කිලෝ 5යි ග්‍රෑම් 161ක් රේගු භාරයට ගෙන තිබේ.
ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට පැමිණි එම භාණ්ඩ තොගය ඇයගේ ලිඛිත අවසරය මත භාරගැනීමට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා රේගුවට කරන ලද ප්‍රකාශයකට අනුව අදාළ භාණ්ඩ ලැබුණු ආයතනයට අනියුක්තව සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද විමර්ශනය සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
