සුබ ආරංචියක් - ගුරු විදුහල්පති හිඟය විසඳීමට කමිටුවක්

Report

මෙරට අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌනතාව සඳහා තිරසාර විසඳුම් සෙවීමට පත් කළ විශේෂ කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව 'පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී' පසුගියදා දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කරන ලද මෙම කමිටුවේ ප්‍රගතිය විමසා බැලුණේ, අනුකාරක සභාවේ සභාපතිනී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් - හේතුව මෙන්න

විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් - හේතුව මෙන්න

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අනෙකුත් සේවක හිඟය පියවීම සඳහා අවශ්‍ය යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වේ.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න, මහින්ද ජයසිංහ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් ජෙගදීස්වරන්, සුගත් වසන්ත ද සිල්වා සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

අලුත් අවුරුද්ද ලබද්දිම මේ අයට ජීවිතේ සුබ වෙයි - කොරියන් යන්න බලන්න ඉන්න අයට සුබ ආරංචියක්

අලුත් අවුරුද්ද ලබද්දිම මේ අයට ජීවිතේ සුබ වෙයි - කොරියන් යන්න බලන්න ඉන්න අයට සුබ ආරංචියක්

මෙහිදී පාසල් පද්ධතියේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සහ ඒ සඳහා අවශ්‍ය කරන නව බඳවා ගැනීමේ ප්‍රතිපත්ති පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.