දෙමටගොඩ වැටලීමකින් හමුවූ ලක්ෂ 30 කට වැඩිය වටින භයානක දේ...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 26, 2023 09:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙමටගොඩ කාලිපුල්ල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 30 කට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 108 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර කාලි පුල්ල වත්ත නිවසක් තුළ මත්කුඩු ජාවාරම ජයටම සිදුකරන බවටම දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

සැකකරු මත්කුඩු කොලොන්නාව දෙමටගොඩ බොරැල්ල මාලිගාවත්ත ආදී ප්‍රදේශ වලට තොග සහ සිල්ලර වශයෙන් බෙදා හැර ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබූ මෙම මත්කුඩු තොගය" කාලිපුල්ල වත්තේ පුතා" යනුවෙන් හඳුන්වන මත්කුඩු ජාවාරම්කරුට අයත් ඒවා බවට සැක කරන බව පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

- සිතුමි -

ReeCha