මත්ද්‍රව්‍ය ඡාවාරමේ යෙදුණු නාකොටික් නිලධාරීන්

colombo drug dealers narcotic buddika c ragala
By Sewvandhi Jun 21, 2021 09:24 AM GMT
Report

මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තුන් දෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

වසරකට අධික කාලයක් රැදවුම්භරයේ පසුවූ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවට ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, එම සැකකරුවන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් කර ඇති බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් තුන්දෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now