පාන් බනිස් එක්ක මදන මෝදක අලෙවි කරලා මාට්ටු

Report

නෝර්ටන් බ්‍රිජ් පොලිසිය අද (16) දින, බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි ප්‍රදේශය පුරා බෙදාහැරීමේ ජාවාරමේ නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න පැවසීය.

හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි සැකකරු, තම ලොරි රථය භාවිතා කර මෙම ගුලි අලෙවි ජාවාරමට යොදාගෙන සිටින බව පොලිස් බුද්ධි අංශය දැනුම්දී තිබේ. සැකකරු ලොරි රථය හරහා හැටන් ප්‍රදේශයට ධාවනය කරන අවස්ථාවේ, පොලිස් විසින් රථය නතර කර පරික්ෂා කිරීමෙන් ගුලි 250ක් සොයාගෙන ඇත.

කොළඹ වසාගත් දරුණු රෝගයක්

කොළඹ වසාගත් දරුණු රෝගයක්

පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, එක් මදන මෝදක ගුලියක් රු.200ක තොග මිලකට අලෙවි වන අතර, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත ආයතනයේ නම කුමක් හෝ සලකුණු කර නොමැති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (16) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇති බව නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පවසයි. 

ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද?

ආයෝජකයින් කලබලේ - අද රන් මිල ගණන් මෙන්න - රන් ආයෝජනය තවදුරටත් ආරක්ෂිතද?