පාසල් සිසුවා සිසුවියන් තිදෙනකු නිරුවත් කරලා
නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් තිදෙනකුගේ ඡායාරූප ක්‍රෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය යොදාගෙන නිරුවත් ලෙස විකෘති කළ සිද්ධියකට සම්බන්ධ බව කියන පාසල් සිසුවකු සහ එම වරදට ආධාර අනුබල දීමේ චෝදනා ලැබූ විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුණි.
ඇප මත මුදා හැර ඇත්තේ විදුහල්පති දයානන්ද ජයසුන්දර පාසල් සිසුවා වයස අවුරුදු 14 අධිකරණයේදී අනාවරණය වුනේ, සැකකාර සිසුවා පසුවන 14 සහ 15 හැවිරිදි සිසුන් තිදෙනාගේ ස්වභාවික ඡායාරූප ලබාගෙන ඒවා AI තාක්ෂණයෙන් විකෘති කර ස්මාර්ට් දුරකථනයේ ගබඩා කරගෙන සිටි බවයි.
දෙවැනි සැකකරු වන විදුහල්පතිවරයා, මෙම නිරුවත් ඡායාරූප සහිත ජංගම දුරකථනය තම භාරයට ගෙන, සිද්ධිය පොලිසියට නොදැනුම්දී සමථයකට පත් කිරීමට උත්සාහ කළ අතර, මාසයකට අධික කාලයක් නීති විරෝධීව දුරකථනය සන්තකයේ තබාගෙන සිටියා බවද හෙළි විය.
සිද්ධිය පිළිබඳ විමර්ශනය: පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදුන් පැමිණිල්ල මත, මූලික විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ඊළඟ නඩු දිනය: ඔක්තෝබර් 23, නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය.
සැකකරුවන් දෙදෙනාටම අධිකරණයට පෙනී සිටීමට නියෝග දී ඇත. නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.