ඩ්‍රෝන මෙහෙයුම අදත් (PHOTOS)

colombo ajith rohana drone keselwaththa maligavaththa
By Sewvandhi May 24, 2021 03:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයේදීත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදුකිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා.

කොළඹ ඩ්‍රෝන් සෝදිසි කිරීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන 20ට අනතුරුව ඇගවීම් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මෙම සෝදිසි මෙහෙයුම ඊයේ දිනයේ දී කෙසෙල් වත්ත මාළිගාවත්ත සහ ග්‍රෑන්පාස් යන ප්‍රදේශවල සිදු කෙරිණි.

නියමු ව්‍යාපෘතියක් ලෙස විශේෂ කාර්ය සාධක බළකාය සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන එක්ව මෙම මෙහෙයුම සිදු කළ බව එතුමා වැඩිදුරටත් පැවසී ය.

මෙලෙස ම කොළඹ තදාසන්න ප්‍රදේශවල ද ඩ්‍රෝන් සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුකරන බව එතුමා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery