ත්‍රීවිල් රියදුරන් විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් අරන් - දෙදෙනෙකු අත්අඩංගුවට

Report

සංචාරයන් සඳහා මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

තවත් පාතාල කල්ලි සාමාජිකයෙක්ගේ මස්සිනෙක් අවිත් එක්කම අත්අඩංගුවට

තවත් පාතාල කල්ලි සාමාජිකයෙක්ගේ මස්සිනෙක් අවිත් එක්කම අත්අඩංගුවට

ඔවුන් දෙදෙනා සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් රුපියල් 10,000ක් හා රුපියල් 30,000ක් ලෙස අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ලබාගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි 2ක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොගයක් එක්ක දෙන්නෙක් මාට්ටු

මත්ද්‍රව්‍ය තොගයක් එක්ක දෙන්නෙක් මාට්ටු

සැකකාර රියදුරන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන සඳහා යොමුකර තිබේ.