වැටලීමක් අතරතුර තුවක්කුවක් පත්තු වී කොස්තාපල් රෝහලට
ඌවපරණගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් පස්දෙනකු අද (16) යහලගමුව රක්ෂිතයේ වැටලීමකට ගිය අවස්ථාවේ, වනසතුන්ට කිසිවෙකු විසින් අටවා තිබූ බදින තුවක්කුවක් පෑගි පත්තුවී පුපුරායාමෙන් පොලිස් කොස්තාපල් රියැදුරෙකු බරපතළ තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුලත් කළ බව ඌවපරණගම පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, මේ වන විට තුවාල ලබා ඇති පුද්ගලයා ඌවපරණගම ඉඩමේහංදිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පොලිස් කොස්තාපල් රියැදුරෙකු වන බවයි.
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, උපපොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල් රියැදුරා සමඟ යහලගමුව රක්ෂිතයට ගොස් ඇති අතර, එහිදී පොලිස් කොස්තාපල් රියැදුරා ගමන් කරන අවස්ථාවේ, වනසතුන්ට අටවා තිබූ බදින තුවක්කුවක් පෑගි පත්තුවී පුපුරායාමෙන් මෙම බරපතළ තුවාල සිදු වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.