පුද්ගලයෙකුට මරු කැඳවමින් මාරක අනතුරක් කර පලා ගිය සැකකරු මාස දෙකකට පසු මාට්ටු
මීට ටික කලකට පසු ගම්පහ රෝහල් වටරවුමේදී පසුගිය සැප්තැම්බර් 14 දා යතුරුපැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇති අතර අනතුර සිදුකළ යතුරුපැදියේ පැමිණි දෙදෙනා පලාගොස් ඇත.
මේ පිළිබඳව ගම්පහ පොලිසියේ රථවාහන අංශය මහත් පරිශ්‍රමයක් දරා විමර්ශන කටයුතු සිදුකළත් සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
මේ අතරතුර ඉකුත් 12 දා (නොවැ. 12 දා) ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් සැරයන් සුනිල් රූපසිංහ (10456) හා පොලිස් සැරයන්වරුන් වන මංජුල ප්‍රදීප් (40152) හා ඩයස් (72358) යන නිලධාරීන් රාජකාරියේ යෙදී සිටියදී අනතුර සිදුකර පලාගිය යතුරුපැදියත් සමග සැකකරුවකු ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ, සිය පුතා විසින් මීට මාස 02කට පමණ පෙර මෙම අනතුර සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව තමාට හා බිරිඳට පැවසූ බවත් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව නොවැම්බර් 12 වැනිදා රාත්‍රියේදී බුත්පිටියේ ඌරුවල ප්‍රදේශයේ පිහිටි නිවසේදී සැකකරුගේ පුතාත්, පිටුපසින් පැමිණි අනෙක් සැකකරු ඌරුවල ඔහුගේ නිවසේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යතුරුපැදිය පැදවූ සැකකරු හා අනෙක් පුද්ගලයා 18 හැවිරිදි සම වයස්වල පසුවන අය බවත්, පලාගිය යතුරුපැදිය පැදවූ සැකකරුට රියදුරු බලපත්‍රයක් හෝ නොමැති බවත් විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගම්පහ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.