දරුවන් ගැන භයානක ආරංචියක් මෙහෙම උනොත් ආයේ වැඩක් නෑ - ඔයාගේ දරුවත් පරිස්සම් කරගන්න
ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක් ගෙන ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි. ළමුන් පිළිබඳව ඉතා දරුණු භයානක තොරතුරක් අනාවරණය වී තිබේ.
ඒ අනුව 2025 වසරේ මේ දක්වා පමණක් ළමයින් සම්බන්ධයෙන් වන ලිංගික අපයෝජන පැමිණිලි 500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කරයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව 2020 වසරේ සිට 2024 දක්වා කාලය තුළ ළමා ලිංගික අපයෝජන සිදුවීම් 3000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළදී ළමයි 627 දෙනකු ලිංගික හිංසනවලට ලක්ව තිබේ.
මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එමෙන්ම 2024 වසරේදී පමණක් ළමා ගැබ් ගැනීම් 213 ක් වාර්තා වී ඇති බවත්, එලෙස ගැබ් ගැනීමට ලක් වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10 ක දැරියක්ද සිටින බව පොලිස් ළමා සහ කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
වාර්තා නොවූ ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීමේ සිද්ධීන් රැසක් තිබිය හැකි බවද පොලිසිය පවසයි.