ෂෙයික් හසීනාට මරණ දඩුවම ඉල්ලයි

Report

 මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා 5ක් යටතේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අනිද්දා (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 හසීනාට මරණ දඬුවම නියම කරන ලෙස විනිශ්චය සභාවෙන් මෙම රජයේ නීතිඥවරුන් ඉල්ලීමක් කර තිබේ.

ෂෙයික් හසීනාට එරෙහිව එල්ල වූ චෝදනාව වනුයේ රජයේ රැකියා කෝටාව සම්බන්ධයෙන් පසුගිය වසරේදී ඇතිවූ විරෝධතා වලදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවටයි.

ඒ වගේම රජයේ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ කුමක් හෝ කර බලයේ රැඳී සිටීම ඇයගේ එකම ඉලක්කය වූ බවයි .

එම විරෝධතා දැඩිවීමත් සමග අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇය ඉන්දියාවට පළා යන ලදි.

ඉන්පසු ඉන්දියාවෙන් ඇයට දේශපාලන රැකවරණ හිමිවිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ එම විරෝධතාවලදී 1400ක් පමණ මියගොස් ඇති බවයි.

   එම විරෝධතාවලදී 800 ක් පමණ මියගොස් තවත් 14,000 ක් පමණ තුවාල ලබා ඇති බව බංග්ලාදේශ බලධාරීන් ප්‍රකාශ කර ඇත.

අපිත් එක්ක සෙල්ලම් දාන්න එපා - ටිල්වින් විපක්ෂයට දෙහි කපයි

අපිත් එක්ක සෙල්ලම් දාන්න එපා - ටිල්වින් විපක්ෂයට දෙහි කපයි

ෂෙයික් හසීනාට විරෝධතාවලදී මියගිය 1,400 දෙනා වෙනුවෙන් මරණ දඬුවම 1,400 වතාවක් හිමිවිය යුතු බව බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ ප්‍රධාන රජයේ නීතිඥ මොහොමඩ් තාජුල් ඉස්ලාම් ප්‍රකාශ කර තිබේ.

තවද ඉස්ලාම් පැවැසුවේ එය සිදුකළ නොහැකි ක්‍රියාවක් නිසාවෙන් හසීනාට මරණ දඬුවම නියම කළ යුතු බවයි .

අමෙරිකාව ස්විට්ස්ර්ලන්තයට පනවා තිබූ තිරු බදු තීරු බදු අඩු කරයි

අමෙරිකාව ස්විට්ස්ර්ලන්තයට පනවා තිබූ තිරු බදු තීරු බදු අඩු කරයි

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය