නීති විරෝධී මුදලින් ලක්ෂ 250ක ඉඩමක් මිලදී ගත් පුද්ගලයෙකු කොටු
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නීති විරෝධීව උපයාගත් මුදලින් මහර, වරාහේන්ගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 250ක ඉඩමක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
කොළඹ 09 ආරාමය පාරේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු වයස 33 ක් වන පුද්ගලයෙකි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ඒ අනුව සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපල මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත ප්‍රකාරව දින 7 ක් දක්වා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවයි.