"අපිට මෙතුමා කාමරයට එන්න කියලා හොඳට සැලකුවා." - ඊයේ පිස්සු නටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර අර්චුනා අද කී දේ. - (VIDEO)
කලින් ආණ්ඩු උතුර වෙන් කරමින් පාලනය කලත් මේ ආණ්ඩුවේ අද වනතුරු එහෙම දෙයක් පෙනෙන්නට නොමැති බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ජාතික ජන බලවේගයට යාපනයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු පත් කර තිබෙන්නේ යැයි කී අර්චුනා මහතා පාර්ලිමේන්තුව ඇතුලේ ජාතිවාදය ඇති කරන්නට එපා යැයි ද මෙහිදී කියා සිටියා.
එමෙන්ම විපක්ෂ නායකගේ කාර්යාලයේදී තමාට පහර දුන් බවත් ඒ ගැන කතා කිරීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.