ඩොලර් හිඟය මැද සිදුවූ මහා විනාශය (PHOTOS)

problem Doler
By Sithumi Jan 20, 2022 11:07 AM GMT
Sithumi

Sithumi

Report



ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට හැකිව තිබෙනවා.

මෙම කණ්ඩායම අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි මගින් දෙදෙනෙකු අයත්. මෙම පිරිස ඊයේ දින එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725 , සවුදි රියාල් 292,000 හා diram 75000 විය. මෙම මුදල් වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery