දීමනා සහ වැටුප් කප්පාදුව ගැටලුව හේතුවෙන් කොළඹ දී විරෝධතාවක්

Report

අද (10) දිනයේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ දී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ගේ දීමනා සහ වැටුප් කප්පාදුව ඇතුළු ගැටලු රැසක් සම්බන්ධයෙන් එළැඹෙන අයවැයේ දී විසඳුම් බලාපොරොත්තු වන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

අද දිනයේ දී සියලු දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජනය වන පරිදි සිය සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වෙන අතර එමගින් රෝහල් කටයුතු කිසිදු බාධාවක් සිදුනොවන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිසිය මගින් - භාෂා තුනම ආවරණය වන පරිදි - දුරකථන අංකයට අමතරව නිල වෙබ් අඩවියක්

ශ්‍රී ලංකා පොලිසිය මගින් - භාෂා තුනම ආවරණය වන පරිදි - දුරකථන අංකයට අමතරව නිල වෙබ් අඩවියක්

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද දිනයේ දිවයින පුරා විරෝධතාවල නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ, ඉදිරි අයවැයෙන් සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් මෙම විරෝධතා සිදුකරන බවය.