හෙට තමයි ඒ දවස - උදේ 08ට පටන් ගෙන දවසෙම කරන්න යන මේ දේ ගැන දන්නවා ද?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.

Hospitals in Sri Lanka Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Dec 13, 2023 03:58 PM GMT
krishani

krishani

Report

හෙට (14) දිනයේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරතවීමට සැලසුම් කර ඇත.

හෙට තමයි ඒ දවස - උදේ 08ට පටන් ගෙන දවසෙම කරන්න යන මේ දේ ගැන දන්නවා ද?. ජනතාවට දැනුම්දීමක් මෙන්න. | Doctors Colombo National Eye Hospital On Strike

ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරනු ලබයි. 

මේ අතර, ඊයේ (12) දින රාජ්‍ය සහ පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව විසින් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.

එසේ වුව ද බොහෝ කාර්යාලවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු වු බවට තොරතුරු වාර්තා විය.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ද බොහෝ කාර්යාලවල වැඩකටයුතු සාමාන්‍ය අයුරින් සිදු විය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැත් වූයේ රුපියල් විසි දහසක වැටුප් වැඩිවීමක් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.  

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,

රාජ්‍ය සේවකයින්ට රු.20,000ක වැටුප් වැඩි වීමට මොකද වුණේ?. ඒ ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවකයින්ට රු.20,000ක වැටුප් වැඩි වීමට මොකද වුණේ?. ඒ ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..


ReeCha