වැට් ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම සම්බන්දයෙන් විශේෂ දැනුම්දීමක්.

Report

වැට් ලියාපදිංචි සහතිකය ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාර ආයතනවලට නිකුත්කර ඇති වැට් ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය කර ඇත.

යම් ආයතනයක ප්‍රාදේශීය ශාඛාවලද එම සහතිකයේ ඡායා පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ලියාපදිංචි වී ඇති සෑම නිෂ්පාදකයෙකුම, ආනයනකරුවෙකුම, සේවා සපයන්නෙකු සහ ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සැපයුම් සිදුකරන්නෙකුම සිය ලියාපදිංචි අංකය සැපයුම් ලදුපතේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කළ යුතු වනවා.

                                                                                       Sponsored By Sarrita Jewellery

වැට් ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම සම්බන්දයෙන් විශේෂ දැනුම්දීමක්. | Display Of Vat Registration Certificate