ගුරුවරුන් 12කට එරෙහිව විනය ක්‍රියාමාර්ග

By Sewvandhi Nov 07, 2023 08:44 AM GMT
Report

 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු. ගමගේ මහතා පැවසුවේ මධ්‍යම පළාතේ ගුරුවරුන් දොළොස් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවයි.

ඊට හේතු වී ඇත්තේ අදාළ ගුරුවරුන් පාසැලේ පන්තිකාමරයේ දරුවන්ගෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීමයි.

මෙහිදී එම ගුරුවරුන්ට ස්ථාන මාරු ලබා දුන් බව පල්ලේපොල දී පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියා