එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් පැමිණේ
මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව සඳහා ආපදා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 08 වැනි ගුවන් යානයත් අද (09) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී.- 17 වර්ගයේ එකක් විය.
ඒ වගේම ගුවන් යානය අද (09) දින පස්වරු 01.20 ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එම යානය තුළ 08 දෙනෙකුගෙන් යුතු පවුලකට දින 14 ක් සඳහා සෑහෙන ආහාර අඩංගු , ආහාර ඇසුරුම් 1,080 ක් තිබුණි.
ඒවායේ මුළු බර මෙට්‍රික් ටොන් 27කි.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අලි මසූරි ( Rashed Ali Mazrouei ) මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.