තමන් ආබාධිත නිසා තාක්ෂණ උපාධිය හදාරන්න දෙන්නෑ - ශිෂ්‍යයාගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් තමන් ආබාධිතවීම හේතුවෙන් තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවට ගත් තීරණය මගින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි ශිෂ්‍යයෙකු විසින් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 24 වනදා කැඳවන ලෙසයි.
මෙලෙස පෙත්සම ඉදිරිපත් කර ඇති බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මනුජය අත්තනායක නම් ශිෂ්‍යයා බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ තාක්ෂණ විෂය ධාරාවෙන් අ.පො.ස උසස් පෙළ පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත ශිෂ්‍යයෙකු වේ.
'2024/2025 වර්ෂය සඳහා තාක්ෂණ උපාධිය හැදෑරීමට තමා අයදුම්පතක් ඉදිරිපත් කළ නමුත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ආබාධිත ශිෂ්‍යයන්ගේ කාණ්ඩය යටතේ තාක්ෂණ උපාධිය හැදෑරීමට ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් චෝදනා කරයි.
මේ අනූව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මෙම තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි අතර තාක්ෂණ උපාධිය හැදෑරීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ආබාධිත ශිෂ්‍යයන්ට අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා "ප්‍රතිපත්තියක්" සකස් කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩි දුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.