අධිකරණයේ දැවන්ත වෙනසක් – කඩදාසි වෙනුවට විද්‍යුත් පද්ධතිය මත නඩු අසයි
මෙරට අධිකරණ ඉතිහාසය පරීවර්තනීය වෙනසකට යොමු කරමින් කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ නඩු විභාගයක් පසුගිය මාර්තු 26 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකර ඇත.
ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා සහිත විනිසුරු මඩුල්ල හමුවේදී බව වාර්තා වේ.
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය, විභාග දිනට පෙර දිනයේදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් එහිදී විභාගයට ගැනීම විශේෂත්වයක් බවයි සඳහන් වේ .
මෙම නව ඊ ගොනු කිරීමේ යෙදවුම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ආරම්භ කරන ලද අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ “e-court” ව්‍යාපෘතියේ කඩඉමක් වේ.