සංශෝධිත බස් ගාස්තු බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි
බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය විසින් සංශෝධිත බස්ගාස්තු මගී ජනතාවට බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව සදහන් කර තිබේ.
මගී සේවා අවසර පත්‍ර කොන්දේසි 16 (A) අනුව මෙය අනිවාර්ය වන බව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සදහන් කර ඇත.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කරන්නේ අදාළ ප්‍රදර්ශනය කිරීම් බස් රථය තුළ සිදුවිය යුතු බවත් එසේ නොකරන බස් රථවල බලපත්‍රය තාවකාලිකව හෝ නැතහොත් ස්ථීර වශයෙන් අවලංගු කිරීමට මෙන්ම දඩ මුදලකට යටත් කිරීමටද කටයුතු කරන බවයි.
ඒ අනුව අදාළ ගාස්තු ප්‍රදර්ශනය කර ඇද්ද යන්න සොයා වැටලීම් ආරම්භ කරන බවත් සඳහන් කර ඇත.
තවද එම අධිකාරිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධව මගී ජනතාවට පැමිණිලි ඇත්නම් මගී ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම්දීමටද හැකියාව ඇති බවයි.
ඒ අනුව 0112860860 දුරකථන අංකය හෝ 0702860860 යන වට්සප් අංකය වෙත අදාළ පැමිණිලි යොමුකළ හැකි බවද බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේය.
පසුගිය 23 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 12.19%කින් ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගන්නා ලදි.
ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබේ එහිදී නව බස් ගාස්තුව අනුව මින් පෙර පැවැති අවම බස් ගාස්තුව වූ රුපියල් 27ක බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දැමූ අතර අවසන් ගාස්තුව වූ රුපියල් 2,159ක බස් ගාස්තුව රුපියල් 2,4222ක් දක්වා රුපියල් 263කින් ඉහළ දැමීය.
නව බස්ගාස්තුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ නියමිත බස් ගාස්තුව පමණක් මගී ජනතාවගෙන් අයකරන ලෙසත් නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්සප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි