'' ඩීසල් නැව් එනවා ''ඇමති නලින්දගෙන් ඉදිරියට එන ඉන්ධන නැව් ගැන හෙළිදරව්වක්

Report

එළැඹෙන මාර්තු 25වනදා දිවයිනට ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් ළගාවීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සදහන් කර තිබේ .

ඔහු සදහන් කළේ මෙවන් අදහසක්

"මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි"

අමාත්‍යවරයා මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව සදහන් කර තිබේ. 

අප්‍රේල් 6,7,8 - ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්

අප්‍රේල් 12 සහ 13 - දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

අප්‍රේල් 10 සහ 11 - ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000

අප්‍රේල් 16 සහ 17 - පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

අප්‍රේල් මාසයට නියමිත මෙක්ට්‍රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැති අතර, ඒ වෙනුවට ජූනි මාසයේ දී මෙක්ට්‍රින් ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතය.

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

ඒ අනුව රජයට මෙම බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදුවන්නේ නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

“යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි.ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ. එය අප මතක තබා ගතයුතුයි.”