දෙහිවල ඝාතනය ගැන එළියට ආ බිහිසුණු අනාවරණය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Sep 20, 2024 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (20) උදෑසන දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ඥාතියෙකු වන 45 හැවිරිදි පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.

දෙහිවල, නැදිමාල ක්‍රීඩා පිටිය අසලදී අද උදෑසන 6.40ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු ඉලක්කර වෙඩිතබා පළාගොස් ඇත.

ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සිද්ධිය පටිගතවී තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 45 හැවිරිදි දෙහිවල නගර සභාවේ සේවකයෙකු වන අනුර කොස්තා නමැත්තෙකි.

පසුගිය 15 වනදා බඩෝවිට ප්‍රදේශයේදී හා ඊයේ (19) කොහුවල ප්‍රදේශයේදී සිදුකළ පුද්ගල ඝාතන හා අද දිනයේදී සිදුකළ ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කරයි.