ධනුෂ්ක සහ මෙන්ඩිස්ට වසර දෙකක තරග තහනමක්

Sri lanka cricket niroshan dikwella dhanushka gunathika
By Sithumi Jul 29, 2021 01:11 PM GMT
Sithumi

Sithumi

Report

එංගලන්ත සංචාරය අතරතුරදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙක බැගින් තහනමක් ද, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසරඑකහාමාරක (මාස 18) ද, තහනමක් අද (29) පැනවීය. 

මෙම තහනමට අමතරව ක්‍රීඩකයන් තිදෙනාට ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 ක් බැගින් දඩ නියම කර තිබේ. 

මෙම දඩු මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනය කඩකිරීමේ වරදට ක්‍රීඩකයකුට නියම කළ ඉහළතම දඩ මුදල ද වේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමල් දිසානායක මහතාගේ සභාපතිත්වයේ යුත් විශේෂ පංච පුද්ගල විනය කමිටුව අද (29) පස්වරුවේ මෙම දඩුවම නිර්දේශ කළේය. 

මෙම නිර්දේශිත දඩුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට යොමු කිරීමෙන් පසුව එහි අනුමැතිය ලැබීමෙන් පසුව ක්‍රියාත්මක වේ. 

මෙම තහනමත් සමඟ එම ක්‍රීඩකයන් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කිසිඳු කාර්යයට සහභාගී විය නොහැක.