පාකිස්තානයට එරෙහිව ධනංජයගෙන් සුපිරි පිතිහරඹයක් - 14වැනි ටෙස්ට් ශතකයක් වාර්තා කරයි
By Malith Madushan
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පින්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනයේදී සිය 14වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත්ව තිබේ.
තරගයේ පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනංජය, පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ ඉවසිලිවන්තව පන්දුවට පහර දෙමින් මෙම ශතකය වාර්තා කළේය.
ඔහු ශතකය වර්තා කරන විට කුසල් මෙන්ඩිස් සමග එක්ව සාර්ථක සම්බ්නධතාවයක් ගොඩ නගමින් ශ්රී ලංකා කණ්ඩායම ශක්තිමත් කරමින් සිටි.