රට තුළ පොහොර හිඟයක් නැහැ - බොරුවලට රැවටෙන්නේ එපා

Report

රටේ කිසිදු පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේය.

එම අදහස් ඒ මහතා පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේ 20 සවස පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ;

"මහ කන්නයට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයත් සමහර පොහොර වර්ග මහ කන්නයට එහා ගොස් යළි කන්නයටත් අවශ්‍ය ප්‍රමාණයට තිබේ. ගොවි ජනතාවට කියන්න කැමැතියි - කිසිදු පොහොර හිඟයක් නොමැත. බය නැතිව වගා කටයුතු කරන්න. 

රැළියෙන් පස්සේ නුගේගොඩ ආතල් ගොඩයි - හිනාවෙලා පණ යනවා

රැළියෙන් පස්සේ නුගේගොඩ ආතල් ගොඩයි - හිනාවෙලා පණ යනවා

යූරියා පොහොර අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් 180,000ක් විතරය. මේ වන විට මෙට්‍රික් ටොන් 50,000ක් බෙදා හැර ඇත, තවත් 150,000ක් ගබඩාවල තිබේ. 170,000ක් නැව්ගත කර ඇත, 40,000ක් බිම් මට්ටමට ගොඩ නැගී ඇත. TSP පොහොර අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් 22,000ක්, මේ වන විට 11,000ක් නිකුත් කර ඇත. තවත් 20,000ක් ගබඩාවල තිබේ, 14,000ක් නැව්ගත කර ඇත.

පොහොර හිඟයක් මවා පෑමට උත්සාහ කරන කවුරුහරි අසාර්ථක වනු ඇත." 

ආණ්ඩුව නිහඬනම් රෝගින්ට අබ සරණයි - වෛද්‍ය වර්ජනය දිගටම

ආණ්ඩුව නිහඬනම් රෝගින්ට අබ සරණයි - වෛද්‍ය වර්ජනය දිගටම