බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි නියෝජ්‍ය ඇමති චතුරංගගෙන් ඉල්ලීමක්

Report

මෙරට පවතින අර්බුදය හමුවේ ජනතාව විසින් අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්‍රමයක් අවශ්‍ය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සදහන් කරයි.

 අද (16) පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ගැටලුව මෙරටට පමණක් නොව ලොව පුරා බලපා ඇති ගැටලුවක් බවයි.

 එබැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනුයේ හැකි පමණින් බලශක්ති පරිභෝජනය අඩු කරන ලෙසයි.

'' ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි විපක්ෂයේ හිටියනම් ආන්ඩුවට බැනගෙන ජනතාව උසිගන්වනවා '' මන්ත්‍රී රෝහන කියයි

'' ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි විපක්ෂයේ හිටියනම් ආන්ඩුවට බැනගෙන ජනතාව උසිගන්වනවා '' මන්ත්‍රී රෝහන කියයි

මේ සම්බන්ධව තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

''   මීට කළින් තිබ්බේ අපේ රට බංකොලොත් වුන හින්දා අපේ බලශක්තිය අහිමි වුන තත්වයක් . දැන් තියෙන්නේ අපි කොච්චර ශක්තිමත් වුණත් ලෝකයන් තෙල් ලැබීමේ අර්බුධයකට මුහුණ පාල තියනවා ඒ නිසා ඒ නිසා අපි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන්නම් විදුලි පරිභෝජනය අඩු කරගන්න , අනවශ්‍ය ගමන් බිමන් අඩු කර ගන්න පොදු ප්‍රවාහනයේ ගමන් බිමන් යන්න අපිට පුළුවන් බල ශක්තිය ඉතිරි ක‍ර ගන්න . ජනතාව ස්වයංව මැදිහත් වෙලා මේ තත්වයට කටයුතු කරන්න ඕනේ . එතකොට QR අවශ්‍ය නැහැ   ,,