කොරෝනා අතරේ මෙරට පැතිරෙන තවත් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්.

Sri Lanka Gengu fever
By Aruna Jul 16, 2021 06:09 AM GMT
Report

දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු කීට ඝණත්වය ඉහළ මට්ටමක පවතින බව කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලදී අනාවරණයවූ බව රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතා පවසනවා.

එමෙන්ම ත් ඉදිරි මාසයක පමණ කාලය තුළ රටපුරා ඩෙංගු හිස එසවීමේ අවදනම ඉහළ අගයක පවතින බවයි ඔහු පැවසුවේ.

ඉන්දියාවේ ඊඩිස් ඇල්බොපික්ටස් ඩෙංගු වාහක මදුරුවන්ගෙන් සිකා වයිරසය පැතිරී යන බවට හඳුනාගෙන තිබෙන බවද ඔහු සඳහන් කළා. මෙරට මෙම මදුරු විශේෂ දෙක ඩෙංගු රෝග වාහක මදුරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

කීට විද්‍යාත්මක සමීක්‍ෂණවලදී ඩෙංගු රෝග ප්‍රධාන වාහක මදුරුවා වන ඊඩිස් ඊජිප්ටයි දිවයිනේ ප්‍රධාන නගර තදාසන්න ප්‍රදේශවල සීඝ්‍රයෙන් බෝවී ඇති බවත් ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවන් දිවයිනේ සෑම ප්‍රදේශයකම හඳුනාගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

ඩෙංගු රෝග වාහක ප්‍රධාන වාහකයින් සහ අපිරිසිදු ජලයේ බෝවන බරවා වාහක මදුරුවාගෙන් සහ තවත් වාහක මදුරුවන්ගෙන් සිකා වයිරසය පැතිර යන බවට විද්‍යාඥයින් තහවුරු කරගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now