කොරෝනා අතරේ මෙරටින් තවත් දරුණු රෝගයක් හිස ඔසවයි..රෝගීන් 708ක්.

Galle Dengue Western province Rathnapura Sabaragamuwa province
By Aruna May 27, 2021 02:06 AM GMT
Aruna

Aruna

Report

 ගෙවුණු දින 25ට ඩෙංගු රෝගීන් 708 දෙනකු හමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත බස්නාහිර, දකුණ ,මධ්‍යම, සබරගමුව පළාත්වල ඩෙංගු රෝගය හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවසීය.

මෙම වසරේ මේ දක්වා රෝගීන් 7616 දෙනකු සොයා ගත් බවත් පුද්ගල මරණ 04ක් වාර්තා වූ බවත් හෙතෙම පැවසීය.

ගෙවුණු දින 25ට කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 220ක්ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 212ක් ද හමු වී ඇත.

පවතින වැසි සමග ඉදිරි මාස දෙක ඇතුළත දී රට පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් වැහි පිහිලි සිමෙන්ති ජල ටැංකි ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන පිරිසුදු කර ගැනීමට ජනතාව උනන්දු විය යුතු බවත් අවධාරණය කළේය.

කෙසේ වෙතත් ගෙවුණුව වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කරන බව කී අධ්‍යක්ෂවරයා සෑම වසරකම ජුනි ,ජූලි මාසවලදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ අවදානමක් ඇති බවද පවසයි.

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මහනුවර, රත්නපුර හා කෑගල්ල දැඩි අවදානම් දිස්ත්‍රික්ක ලෙසද හඳුනාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now